Saturday, January 26, 2013
ඊයෙ මැච් eka
ඊයෙ ඩිල්ශාන්ගෙ ඔලුවෙ බෝලෙ වැදුනම නිකම් මටත් කැරකෙන ගතියක් ආව..ආ නැද්ද..? ඒ මොකද අපි ඒ තරමටම ලන්කාවෙ ක්‍රිකට් වලට ආදරේ නිසානෙ..ඒත් අර ලන්කාවෙ මැච් පෙන්නන කාලකන්නි නාලිකාවටනම් එහෙම දෙයක් නෑ..ඩිල්ශාන් බැට් එක බිම දාන්න්ත් කලින් උන් ඇඩ් ටික දාල ඉවරයි..තමන්ගෙ පටු වාණිජ අරමුනු විතරක්ම දකින චැනල් එකක්..සැටලයිට්/ කේබල් ටීවී ගත්තම මැච් පෙන්නනකොට මුන්ගෙ චැනල් එක නෑ..ලැජ්ජ නැතුව කියනව ගිහින් ටෙන් ස්පොර්ට් හරි ඊඑස්පීඑන් හරි දාගනින් කියල..එතකොට ලන්කාවෙ උන් සැටලයිට්/ කේබල් ටීවී ගත්තම පිට උන් වෙනවද? උන්ට ඒකෙනුත් කොමිස් ඇති..ක්‍රීඩා නාලිකාවක් වුනාම ඊට වඩා තමන්ගෙ රටට දෙයක් කරන්න ඕන බව උන් දැනගන්න ඕන..සමහර ඉන්දියන් චැනල් වල මැච් පෙන්නනකොට උන් ඇඩ් දාන්නෙ නෑ..ඒ වගේ රටට හා ක්‍රීඩාවට ආදරෙ කරන නාලිකාවකට මේ වැඩේ බාරදෙන්න ඕන..මැච් ප්‍රෙසෙන්ටෙශන් එක වෙලාවෙත් ඇඩ්..උඩින් පාත් වුනා වගේඑකපාරට කෑලි කෑලි පෙන්නනව...ටිකක් වගකීමෙන් වැඩ කරන්න කියල ඉතින් උන්ට කවුරු කියන්නද..එක අතකට පිටරට චැනල් එකක් බලාගෙන කටවහන් ඉන්න එක සැපයි..!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment