Saturday, January 26, 2013

ඊයෙ මැච් eka

ඊයෙ ඩිල්ශාන්ගෙ ඔලුවෙ බෝලෙ වැදුනම නිකම් මටත් කැරකෙන ගතියක් ආව..ආ නැද්ද..? ඒ මොකද අපි ඒ තරමටම ලන්කාවෙ ක්‍රිකට් වලට ආදරේ නිසානෙ..ඒත් අර ලන්කාවෙ මැච් පෙන්නන කාලකන්නි නාලිකාවටනම් එහෙම දෙයක් නෑ..ඩිල්ශාන් බැට් එක බිම දාන්න්ත් කලින් උන් ඇඩ් ටික දාල ඉවරයි..තමන්ගෙ පටු වාණිජ අරමුනු විතරක්ම දකින චැනල් එකක්..සැටලයිට්/ කේබල් ටීවී ගත්තම මැච් පෙන්නනකොට මුන්ගෙ චැනල් එක නෑ..ලැජ්ජ නැතුව කියනව ගිහින් ටෙන් ස්පොර්ට් හරි ඊඑස්පීඑන් හරි දාගනින් කියල..එතකොට ලන්කාවෙ උන් සැටලයිට්/ කේබල් ටීවී ගත්තම පිට උන් වෙනවද? උන්ට ඒකෙනුත් කොමිස් ඇති..ක්‍රීඩා නාලිකාවක් වුනාම ඊට වඩා තමන්ගෙ රටට දෙයක් කරන්න ඕන බව උන් දැනගන්න ඕන..සමහර ඉන්දියන් චැනල් වල මැච් පෙන්නනකොට උන් ඇඩ් දාන්නෙ නෑ..ඒ වගේ රටට හා ක්‍රීඩාවට ආදරෙ කරන නාලිකාවකට මේ වැඩේ බාරදෙන්න ඕන..මැච් ප්‍රෙසෙන්ටෙශන් එක වෙලාවෙත් ඇඩ්..උඩින් පාත් වුනා වගේඑකපාරට කෑලි කෑලි පෙන්නනව...ටිකක් වගකීමෙන් වැඩ කරන්න කියල ඉතින් උන්ට කවුරු කියන්නද..එක අතකට පිටරට චැනල් එකක් බලාගෙන කටවහන් ඉන්න එක සැපයි..!

Sunday, January 13, 2013

        සමහර දේවල් තියෙනව සමහරුන්ට පැහැදිලි කරනකොට යම්කිසි සීමාවකට යටත් වෙන්න වෙනව..මන් ගැන වැරදියට හිතන් හිටියට කරන්න දෙයක් නෑ..එක අතකට බලන් ගියාම මගේ ලගින් හිටපු අය ඉදල තියෙන්නෙ මන් ගැන ලාවටවත් යමක් දැනගෙන නෙවෙයිද? හැමදාම වගේ අදත් තේරීමක් කරාම කාලයක් යනකම් මට එක බලපානව..ඒත් කවදහරි උන් තේරුන් ගනී..කමක් නෑ..ඕනනම් ඕන එකෙක් තරහ වුනාවෙ..මට ප්‍රශ්නයක් නෑ..ඒත් ගොඩක් දුකයි..මොකද හැම මිනිහම මන් වගේ හැම පැත්තක් ගැනම හිතන්නෙ නැතුව තමන්ගෙ පැත්තෙන් විතරක් හිතන්නෙ?..කමක් නෑ..මන් හොදායි..මට